අවදානයෙන් සිටින්න.

අවදානයෙන් සිටින්න.

Saturday, January 30, 2016

රාහු රජ ගෙදරට, කේතු ලංකා කේන්දරයේ පළමු භාවයට.
දේශපාලන පිටිය නොසන්සුන් වෙයි.
රට පුරා අර්බුධ.
මැති සභයේ ගැටුම් ආරවුල්.
ව්‍යවස්ථාවක් හේතුවෙන් අවුල් වියවුල්.

   2016. 01. 30 එනම් අද දින රාහු රාජ්‍ය කාරක රවිට අයත් සිංහ රාශියටත්, කේතු ලංකා  කේන්දරයේ පළමු භාවය වූ කුම්භ රාශියටත් ගමන් කළා. මෙලෙස කුම්භ රාශියට හා සිංහ රාශියට ගමන් කළ රාහු සහ කේතු 2017. 08 18 තෙක් මෙම රාශි තුල රැඳී සිටිනවා. 
   
  රාහු කේතු මාරුවත් සමග පාලක පක්ෂය නොසුදුසු තීන්දු තීරණ වෙත යොමුවන අතර ඒ හේතුවෙන් ජනතා විරෝධයන් ඉස්මතු වේ. උද්ඝෝෂණ විරෝධතා  වඩාත් බලවත් අයුරින් සිදුවනු ඇත. පාලක පක්ෂයට මහත් අභියෝග වලට මුහුණ දීමට සිදුවේ.  පාර්ලිමේන්තුවේ වැඩකටයුතු වරින් වර අඩාල වේ. පාර්ලිමේන්තුව තුල ගැටුම් ඇතිවේ. 

No comments: