අවදානයෙන් සිටින්න.

අවදානයෙන් සිටින්න.

Saturday, March 7, 2015

සෙනසුරු වක්‍ර වෙයි.
මාර්තු 16 පටන් අගෝස්තු 03 තෙක් කාලය සුබ නෑ. 
දේශපාලන පිටියේ අරුම පුදුම සිදුවීම්. 
කුමන්ත්‍රණයක තොරතුරු හෙළි වෙයි. 
උද්ඝෝෂණ, විරෝධතා බහුල වෙයි. 
  
   2015 මාර්තු 16 දින පටන් සෙනසුරු වක්‍ර වෙනවා. නැවත නිවෘත වන්නේ 2015 අගෝස්තු 03 වැනිදා යි.
  මේ අනුව 2015.03.16 - 2015.08.03 අතර කාලය තුළ රටෙහි නොයෙක් අවුල් වියවුල් ඇතිවෙනවා. දේශපාලන ක්ෂේත්‍රය තුළ අර්බුධ මතු වෙනවා. උද්ඝෝෂණ, විරෝධතා බහුල වෙනවා. කුමන්ත්‍රණ පිලිබඳ තොරතුරුද අසන්නට ලැබෙනවා. පාලක පක්ෂයට මහත් අභියෝගාත්මක කාල සීමාවක් වෙනවා.
      මාර්තු මස අවසාන කාලයේදී හෝ අප්‍රේල් මස මුල් කාලය තුළ, පාලක පක්ෂයට විරුද්ධව සිදුවන කුමන්ත්‍රණයක් පිලිබඳ තොරතුරු රජයේ ප්‍රධානීන් වෙත ලැබෙනවා ඇත. 
  මෙම කාල සිමාව තුළ ජාතිවාදී කණ්ඩායම් හිස ඔසවන බවද පෙනෙන්නට තිබේ.
    හදිසි අනතුරු, ගැටුම් ආරවුල් වර්ධනය වන කාලයක් බැවින් සැවොම බුද්ධිමත්ව හා ඉවසිලිමත්ව කටයුතු කළ යුතුය.