අවදානයෙන් සිටින්න.

අවදානයෙන් සිටින්න.

Wednesday, August 5, 2015

2015 මහමැතිවරණය ට දින කීපයක් තිබියදී 
කොළ වර්ණය නියෝජනය කරන බුධ ග්‍රහයා 
පිට පිට ග්‍රහ යුද්ධ දෙකකින් ජය ගනියි.
මහමැතිවරණයෙන් වැඩි වාසිය කොළපාට ට.

  2015 අගෝස්තු මස 04 වැනිදා ප.ව. 06.17 ට රාජ්‍ය කාරක රවි ට අයත් සිංහ රාශිය ට ගමන් කළ බුධ ග්‍රහයා ග්‍රහ යුද්ධ දෙකකින්ද ජය ගැනීමට නියමිතයි.අගෝස්තු මස 06 වැනිදා සිකුරු ග්‍රහයාත්, අගෝස්තු 07 වැනිදා ගුරු ග්‍රහයාත් බුධට පරාජය වෙනවා.

   බුධ ග්‍රහයා කොළ වර්ණය නියෝජනය කරන ග්‍රහයා වන අතර, බුධ සිංහ රාශිය ට ගමන් කිරීමත්, ග්‍රහ යුද්ධ දෙකකින් ජය අත්කර ගැනීමත් හේතුවෙන් කොළ වර්ණය නියෝජනය කරන දේශපාලන පෙරමුණකට මෙවර මැතිවරණයෙන් වැඩි වාසි අත් වෙනවා.
   නිල් වර්ණය නියෝජනය කරන සෙනසුරු ග්‍රහයා සතුරු රාශිගතව සිටීමද කොළ වර්ණය නියෝජනය කරන දේශපාලන පෙරමුණට වාසි දායකයි.
    පොදුජන කාරක සෙනසුරු ග්‍රහයා තම සතුරු රාශියක් වූ වෘශ්චික රාශියේ ගතකිරීම හේතුවෙන් මැතිවරණය අසන්න වීමත් සමග ප්‍රචන්ඩකාරී ක්‍රියා ඉහළ යාමේ අවදානමක්ද පවතිනවා.
  කෙසේ වෙතත් මහමැතිවරණයෙන් පසුවද දේශපාලන ක්ෂේත්‍රය තුළ නොයෙක් ආකාරයේ අර්බුධ, හැලහැප්පීම් මතුවෙනවා. නිරවුල් පාලනයක් පවත්වාගෙන යාම අසීරු වන අතර ජාතිවාදී කල්ලි, කණ්ඩායම් හිස එසවීම හේතුවෙන්ද ගැටළු අර්බුධ ඇතිවෙනවා.
  

No comments: