අවදානයෙන් සිටින්න.

අවදානයෙන් සිටින්න.

Saturday, March 7, 2015

සෙනසුරු වක්‍ර වෙයි.
මාර්තු 16 පටන් අගෝස්තු 03 තෙක් කාලය සුබ නෑ. 
දේශපාලන පිටියේ අරුම පුදුම සිදුවීම්. 
කුමන්ත්‍රණයක තොරතුරු හෙළි වෙයි. 
උද්ඝෝෂණ, විරෝධතා බහුල වෙයි. 
  
   2015 මාර්තු 16 දින පටන් සෙනසුරු වක්‍ර වෙනවා. නැවත නිවෘත වන්නේ 2015 අගෝස්තු 03 වැනිදා යි.
  මේ අනුව 2015.03.16 - 2015.08.03 අතර කාලය තුළ රටෙහි නොයෙක් අවුල් වියවුල් ඇතිවෙනවා. දේශපාලන ක්ෂේත්‍රය තුළ අර්බුධ මතු වෙනවා. උද්ඝෝෂණ, විරෝධතා බහුල වෙනවා. කුමන්ත්‍රණ පිලිබඳ තොරතුරුද අසන්නට ලැබෙනවා. පාලක පක්ෂයට මහත් අභියෝගාත්මක කාල සීමාවක් වෙනවා.
      මාර්තු මස අවසාන කාලයේදී හෝ අප්‍රේල් මස මුල් කාලය තුළ, පාලක පක්ෂයට විරුද්ධව සිදුවන කුමන්ත්‍රණයක් පිලිබඳ තොරතුරු රජයේ ප්‍රධානීන් වෙත ලැබෙනවා ඇත. 
  මෙම කාල සිමාව තුළ ජාතිවාදී කණ්ඩායම් හිස ඔසවන බවද පෙනෙන්නට තිබේ.
    හදිසි අනතුරු, ගැටුම් ආරවුල් වර්ධනය වන කාලයක් බැවින් සැවොම බුද්ධිමත්ව හා ඉවසිලිමත්ව කටයුතු කළ යුතුය.
      


Monday, February 2, 2015

සෙනසුරු වෘශ්චික රාශියේ ගත කරන 
2017.01.27 තෙක් කාලය තුළ 
රට තුළ බරපතළ අර්බුධ.

   සෙනසුරු වෘශ්චික රාශියේ දී පෙරළි කාරයෙකි. සෙනසුරු වෘශ්චික රාශියට ගියේ 2014.11.02 වැනිදා ය. එදා පටන් මේ දක්වා ඇති කළ පෙරළි ද සුලු පටු නොවේ. සෙනසුරු වෘශ්චික රාශියෙන් යන්නේ 2017.01.17 දින ය. මෙම කාලය පෙරළිකාර කාලයකි. මීට පෙර  වෘශ්චික රාශියේ ගත කළ කාල වකවානු තුළද සෙනසුරු පෙරළි කළේය. ඒ වගේම නොයෙක් අර්බුධ ද ඇති කළේය. වෘශ්චික රාශියේදී සෙනසුරු චණ්ඩියෙකි. කරන්නෙම මතක හිටින දේවල්ම ය. මෙය ලෝකයටම පොදු කාරණයකි. ලෝකයටම සෙනසුරු ගේ බලපෑම එල්ල වුණද අපට වැදගත් වන්නේ අපේ රටට සෙනසුරු බලපාන විදිය යි.
         1955 නොවැම්බර් 12 වැනිදා සෙනසුරු වෘශ්චික රාශියට ගමන් කළේය. එහෙම ගිය සෙනසුරු එවකට පැවති රජයට එල්ල කළේ එසේ මෙසේ බලපෑමක් නොවේ. 1956 පැවති මැතිවරණයෙන් රජය බරපතළ පරාජයක් ලැබී ය. සොලමන් වෙස්ට් රිජ්වේ ඩයස් බණ්ඩාරනායක මහතා අති විශිෂ්ට ජයක් ලැබී ය. ඒ පනස් හයේ පෙරළිය යි. සඟ.වෙද, ගුරු,ගොවි, කම්කරු යන පංච මහා බලවේගය ඒකරාශිවූ අවස්ථාව යි. එහෙමනම් අදටත් කතා කරන පනස් හයේ පෙරළිය සිදුවන විටත් සෙනසුරු හිටියේ වෘශ්චික රාශියේ ය. සෙනසුරු ගේ හැටි එහෙම ය. කරන්නේ මතක හිටින පෙරළි මය. 
          පනස් හයේ පෙරළියෙන් පස්සේ සෙනසුරු නිකම් හිටියේ නැත.  පෙරළියට මග පෑදූ සෙනසුරුම එකිනෙකා අතරේ නොහොඳ නෝක්කාඩුකම් ඇතිකළේය. ඒවා අර්බුධ,කුමන්ත්‍රණ බවට පත් කළේය. එහෙම ඇතිකළ කුමන්ත්‍රණ ද එසේ මෙසේ ඒවා නොවේ. ඒ බව පෙනෙන්නේ 1959 දී සිදු වූ දෙයින් ය. පනස් හයේදී විශිෂ්ට ජයක් ලැබූ බණ්ඩාරනායක මහතා පනස් නවයෙ  අවුරුද්දේ ඝාතනයට ලක් විය. සෙනසුරු ගේ රුව ගුණ එහෙම ය.
   1984.12.30 වැනිදා සෙනසුරු නැවත වෘශ්චික රාශියට ගමන් කළේය. එහෙම වෘශ්චික රාශියට ගමන් කළ සෙනසුරු 1987.12.17 තෙක් වෘශ්චික රාශියේ කල් ගෙව්වේය. මෙම කාලය තුළ ද සෙනසුරු ඇති කළේ එසේ මෙසේ අර්බුධ නොවේ. අනුරාධපුර ශ්‍රී මහා බෝධිය ට හා එය අසළ  සිටි බෞද්ධ ජනතාවට එල්ලවූ ත්‍රස්තවාදී ප්‍රහාරයෙන් රටම කම්පාවට පත් විය. ඉන්දු ලංකා ගිවිසුම අත්සන් කිරීමත් සමග අර්බුධ වඩාත් ඉස්මතු විය. ලංකාවට පැමිණි ඉන්දීය අගමැති රාජිව් ගාන්ධි මහතා නාවික සෙබළෙකුගේ පහරදීමකට ද ලක්විය. ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව තුළ බෝම්බයක් ද පිපුරුණේය. බෝම්බ ප්‍රහාරයෙන් ලලිත් ඇතුලත්මුදලි මහතා හා තවත් කීප දෙනෙක්ම බරපතළ තුවාල ලැබීය. මන්ත්‍රීවරයෙක් ජීවිතක්ෂයට ද පත් විය. ජනතාව තුළ මහත් අවිනිශ්චිත තත්වයක් ඇති විය. දේශප්‍රේමී ජනතා ව්‍යාපාරය කල එලි බැස්සේය.
    එහෙමනම් සෙනසුරු වෘශ්චික රාශියේදී පෙරළි කරන බව ඇත්ත ය.  අර්බුධ ඇති කරන බවත් ඇත්තය.
    දැනට වෘශ්චික රාශියේ කල් ගෙවන සෙනසුරු වෘශ්චික රාශියෙන් ඉවත් වන්නේ 2017.01.17 වැනිදා ය.  ගත වී ඇත්තේ ටික කාලයකි.  මේ ටික කාලයට සිදු  වුණෙත් කාටවත් හිතාගත හැකි දේවල් නොවේ. සෙනසුරු කියන්නේ කොහොමත් විශ්වාස කළ නොහැකි ග්‍රහයෙකි.  අපායේ යතුරයි දිව්‍ය ලෝකයේ යතුරයි දෙකම තියෙන්නේ සෙනසුරු අතේ ය කියන්නේ නිකම් නොවේ. එහෙමනම් ඉදිරියට තව තව පෙරළි, අර්බුධ දැකගැනීමට හැකි වනු ඇත. ඒ අතර භයානක කුමන්ත්‍රණ ද දියත් වනු ඇත.
          ජ්‍යොතිෂවේදී සංජීව කුළුපන බණ්ඩාර.